02- ලොරියා සහ සිප්පියා
කතා අන්තර්ගත රසය කුළු ගැන්වීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා මෙය කියවීමෙන් වළක්වන්න. ලැජ්ජා භයැතියන් මෙය නොකියවා වහා ඉවත්ව යන්න.
උඹල වගේම තමයි, සමහරවිට ඒ පරිමාණයටත් වැඩියෙන් මටත් ජීවිත අරගලය ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකට රස්සාවක් කරන්න ඕන. මේ POSTS ලියන්නෙ රස්සාව කරන ගමන් විවේකයක් හම්බෙන වෙලාවල්වලට. POSTS ලියනවාට මට කවුරුවත් ගෙවන්නෙ නෑ බොළ.
තවත් සමහරු කියනවා ඔය පුද්ගල නාම දැන් එලියට දාන එක හරි නෑ නේද කියලා.
යහපත් කෙනෙක් ගැන මතක් වෙනකොට අපේ හිත නිවිලා යන්නෙ ඇයි. ඒ කෙනා කරපු යහපත් දේවල් හැමෝගෙම හිත් ඇතුළෙ යහපත ඇති කරළා සිත් පහන් කරන නිසා නේද.?
පොඩ්ඩක් හිතපන්, උඹේ අතීතයට ගිහින් මෙනෙහි කරපන්. උඹට කිසියම් දවසක උදව් කරපු කෙනෙක් ගැන. ඒ සිද්ධිය අදත් උඹ මතක් කරන්නෙ කෘත ගුණ පූර්වකව නේද.?
ප්‍රභාකරන් ගැන මතක් වෙද්දි අපේ හිත් තාමත් ආවේගයෙන් පිරෙනවා නේද.?
දියවන්නාව මැද ඉන්න උන් ගැන අහනකොට, දකිනකොට අපේ හිතට පිළිකුලක් ඇති වෙනවා නේද.?
කෙනෙක් ගේ ඝෝෂණය තියෙන්නෙ ඒ කෙනා කරපු කියපු දේවල් විදියට.
ඇත්ත- අදත් ඇත්ත. හෙටත් ඇත්ත. තව අවුරුදු 100 ක් ගියත් ඇත්තමයි. බොරුව, වංචාව හෝ කැරිත්වයත් එහෙමම තමයි.
බණ කිව්වා ඇති නෙ.
අංක 01 කොටසින් කිව්ව හනුමා සහ අනිත් උන්ගෙ ගේම් නිසා මට වීරවිල SITE එක එපා වුණා. ඒ නිසාම තමයි මම එතනින් අයින් වෙලා ඒ ආයතනයේම වෙන SITE එකකට යන්න හිතුවෙ. මෙතනදි තව දෙයක් කියන්න ඕන. මම දකුණු පළාතට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. ඒ නිසා ඒ පැත්තෙ වැඩ කරන්න ලොකු ආසාවක් තිබුණා. TRAINING කාලෙ කැම්පස් එක ළඟම තියන Site එකකට දාන්න හදද්දිත් මම ඒක එපා කියලා බෙලිඅත්ත පැත්තෙ SITE එකකට ගියෙත් ඒ නිසාමයි.
කොහොමින් හරි, අන්තිමට මට SITE එක වගේම දකුණු පළාතත් එපා වුණා.
හදිස්සියෙම මාරුවක් අරන් ආවෙ මොකද කියලා ගෙදර මිනිස්සු ඇහුවත්, මම ගෙදර යන්න එන්න ලේසි නිසා ආව කියලා ශේප වුණා. නැතුව ඉතින් මුන් දුන්න ගේම් ගැන කියන්නද.?
ඊලඟට මම සෙට් වුණේ නිකවැරටිය SITE එකකට. එතන 02 උන් තුන් දෙනෙක් හිටියා. ඒ තමයි ලොරියා, සිප්පියා හා මම පෙර ආත්මයක කරපු පවක් නිසා මට මේ ජීවිතේ මුණ ගැහුණා කියලා අදටත් විශ්වාස කරන චුල්ලවට්ටි කියන සක්කිලියා.මේ ගුණමකු පාදඩයා ගැන මම ඊලඟ POST එකෙන් කියන්න හිතන් ඉන්නෙ.
නිකවැරටිය SITE එකට ආවා කියලා උඹ හිතන්නෙ මගේ ජීවිතේ වෙනසක් වුණා කියලද. කොහෙත්ම නෑ.
මෙතනදි දෙයක් කියන්න ඕන. ලොරියා සහ සිප්පියා කරපු දේවල් මේකෙ ලියන අනිත් උන් කරපු දේවල්වලට සාපේක්ෂව සුළු දේවල් . ඒ වුණත් මම මුන් දෙන්නා ගැන ලියන්න හිතුවෙ මුන් මට මම සිරිබිරිස් නිසාම කරපු වෙනස්කම් කියන්න.
ඒ කිව්වෙ සිරිබිරිස් නොවී වෙන එකෙක් මං හිටිය තැන හිටියනම් මුන් මේ දේවල් ඌට කරන්නෑ. ඒකට හේතුව මම මේකෙ INTRO එකේ කිව්ව සිරිබිරිස් ශේප් ඩයල් එක, යටහත් පහත් එකා කියලා මුන් හිතුව නිසා.
ස්ථානය : නිකවැරටිය මාර්ග ව්‍යාපෘති වැඩබිම
දිනය: 2008 දවසක් (සමාවන්න, දවස හරියටම මතක නැත )
වේලාව: දහවල 12. 30-1. 00.
කෑම කන්න ACCOMMODATION එකට යන්න හිතාගෙන උදේ ආව මට වාහනය මිස් වුණේ SITE එකේ INSPECTIONS ගිහින් එන්න වෙලා ගිය නිසා. මගේ ජොබ් එක OFFICE based. ලොරියා, සිප්පියා ගෙ Site based.ඉතින් ලොරියා, සිප්පියා දෙන්නටම මෝටර් සයිකල් තිබුණා. ඒ වෙලාවෙ වෙන කරන්නම දෙයක් තිබුණෙ නැති නිසා තමයි ලොරියට කිව්වෙ "මාව, චමරියට දාල වරෙන් උඹෙ බයික් එකෙන්" කියලා.
"මොන මගුලක්ද යකෝ, උඹලනම් මහ වාත". ලොරියගෙ පොරටෝක්ස්. ඇයි ලොරිය උඹ එහෙම කිව්වෙ. උඹ චමරි ඉන්චාර්ජ් ඉන්නකොට මම එලවළු ගේන්න කීසැරයක් මාකට් ඇවිත් තියනවද උඹත් එක්ක.
( සමහර පදවල තේරුම වරහන් තුළ යොදා ඇත්තේ පොරටෝක්ස් සඳහා නොව, මෙය කියවන තාක්ෂණික දැනුමක් නැති අයගේ දැන ගැනීමටය )
ස්ථානය : නිකවැරටිය මාර්ග ව්‍යාපෘති වැඩබිම
දිනය: 2008 දවසක් (සමාවන්න, දවස හරියටම මතක නැත )
වේලාව: උදේ 10. 00- 11. 00
එදා IPC ( IPC කිව්වෙ මාසිකව consultant ට යොමු කරන බිලක්) එකේ DOCUMENT වගයක් consultant's office එකට යවන්න තිබුණා. Site Office එක නිකවැරටියෙ තිබුණට, consultant's office එක තිබුණෙ ටිකක් ඈත. මට ඒ තැන හරියටම මතක නෑ. PM කිව්වෙත්, එතන හිටිය සීනියර් ඉංජා කිව්වෙත් උදේම ඔය documents ටික කොහොමහරි යවන්න කියලා. සාමාන්‍යයෙන් වැඩබිම් වල උදේ වරුවෙ වාහන ගොඩක් කාර්ය බහුල වෙනවා. විශේෂයෙන්ම මාර්ග ව්‍යාපෘතියක වැඩ කරන් තැන් ( Workstations ) ගොඩක් තියනවා. ඒ නිසා ඒ හැම තැනටම කම්කරුවන්, අමුද්‍රව්‍යය යවන්න වෙනවා. මේ නිසා උදේ වරුවේ වාහන හොයා ගන්න ටිකක් අමාරුයි.
මේ දවස්වල සිප්පියා වැඩ කළේ ඔය consultant's office එක කිට්ටුවම Chainage එකක. ( Chainage එක කියන්නෙ පාරෙ km කණු එහෙම නැත්නම් සැතපුම් කණු කියල හිතපන්කො )
"මේ සිප්පියා, මගෙ පොඩි ඩොක්යුමන්ට් එකක් තියනවා consultant's office එකට යවන්න. උඹ Site යන ගමන් මේක ගිහින් දීපන්කො."
"ඈ, මොක්ද්ද කිව්වෙ, මං මෙතන Engineer කෙනෙක්, මට ඔය එක එකාගෙ Documents අරන් යන්න බෑ".
ඇයි සිප්පියා උඹ එහෙම කිව්වෙ. මම කොච්චර අසරණ වුනාද. අපි ඒ කාලෙ එකට නේද වාත වුණේ. මම උඹ Engineerර් කෙනෙක් කියලා දන්නවා. ඉතින් උඹ කරපු කෝස් එක මම කරපු එකට වැඩිය Advanced එකක්ද....?
කොහොම වුණත්, අළුත් Site එකේ බැච් එකේ උන් හිටියා කියලා මට ලැබුණ වාසියක් හෝ උපකාරයක් තිබුණේ නැති තරම්.
හැබැයි, මේකෙ අගය කළ යුතු දෙයක් තියනවා. ඊලඟ කතාවෙන් මම විස්තරන කරන චුල්ලවට්ටි කියන පාහරයා නිසා මම Site එකෙන් අයින් වෙලා යනකොට ලොරියා, සිප්පියා දෙන්නා මට Favorable කතා කළා.
මට ඒකට උන් දෙන්න ගැන අදටත් තියෙන්නෙ ගෞරවයක්.
ඒත් සිප්පියා, ලොරියා, උඹලගෙ හෘද ශාක්ෂියට කතා කරලා බලපන් උඹල එදා කරපු, මම අර උඩින් කිව්ව දේවල් හරිද කියලා. මේ කිව්ව දේවල් එක තැනක හරි වැරැද්දක් හෝ බොරුවක් තියනවනම් කියපන්. මම ඒක වහාම අයින් කරනවා. ඒත් උඹලගෙ හෘද ශාක්ෂිය කියාවි මේ ඔක්කොම සැබෑ ජීවිතයේ සිද්ධ වුණ ඇත්ත දේවල් කියලා. උඹල ඒ ඔකොම කළේ මම "සිරිබිරිස්" නිසා. මම සිරිබිරිස් නොවී වෙන එකෙක් වුණානම් උඹලා කවදාවත් එහෙම කරන්නෙ නෑ.
ඉතින් මම වගේ බලු ගැත්තෙක් උඹලගෙ High Class ගෙට්ටුවලට ඇවිත් ඒක කිළිටි කරන එක හරි නෑ නේද.?
No comments:
Post a Comment