Thursday, August 30, 2018

ගුණමකුවෝ, පාවාදෙන්නෝ සහ කුහකයෝ- 3

* චුල්ලවට්ටි

කතා අන්තර්ගත රසය කුළු ගැන්වීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා මෙය කියවීමෙන් වළක්වන්න. ලැජ්ජා භයැතියන් මෙය නොකියවා වහා ඉවත්ව යන්න.


BLOG එක යාවත්කාලීන කෙරිල්ල පොඩ්ඩකට නවත්තන්න වුණේ ජීවිතේ ගෙනියන්න අත්‍යාවශ්‍යයෙන්ම කරන්න ඕන වුණ වැඩත් එක්ක.
පහුගිය කතා ඇහුව 02 උන්ගෙ සිත් පහන් සංවේගයෙන් පිරෙන්න ඇති කියලා මම හිතනවා.
බෞද්ධයෙක් විදියට මම විශ්වාස කරන දෙයක් තමයි, මේ ජීවිතේ අපිට ලැබෙන හැම දෙයක්ම පෙර ආත්මවල කරපු පව් පින්වල  හැටියට ලැබෙන දේවල් කියලා.
ඉතින්, මම මේ කියන්න හදන චුල්ලවට්ටි කියන සක්කිලියා මට මේ ජීවිතේ මුණ ගැහුණේ මම පෙර ආත්මෙක කරපු පවක් නිසා වෙන්න ඇති කියලා මම අදටත් කල්පනා කරනවා.
මේ වසවර්තියා ගෙ හැටි දැනගත්ත පාදෙනිය පුත්තලම් සයිට් එකේ හිටිය අනිත් උන් ඇහුවෙ "උඹ කොහොමද බන් මේකා එක්ක අවුරුදු 4ක් කැම්පස් එකේ හිටියෙ, මේක ඉස්සර ඉඳලාම මේ විදියද" කියලා.
හුදී ජන පහන් සංවේගය උදෙසා මේ මැන්ටල් එක කරපු වැඩ ටික්ක කියන්න වෙනවා.
මම කලින් INTRO  එකේ කිව්ව වගේ තැලෙන යකඩෙ උඩ පැන පැන තලන 02 කුහකයො සිරිබිරිස් ට පහර පිට පහර එල්ල කරද්දිත් සිරිබිරිස් සද්ද නැතිව හිටියා. ඒ ඉස්සර. ඒක නෙමෙයි මේ සමාජයේ ඉන්න ඕන ක්‍රමය කියලා සිරිබිරිස් තේරුම් ගත්තා. දැන් ගැහුවොත් ගහනවා. උදව් කරන උන්ට මල් තියලා වඳින්න වුණත් ලෑස්තියි.
මේ 02 කුහක තියරිය තාමත් වෙනස් වෙලා නෑ කියලා මට තේරෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි 02 FB Messenger Group එක. සිරිබිරිස් මොකක් හරි කිව්වොත් වචනෙ අල්ලගෙන දඟලන මුන්, 02 වෙන එකෙක් ඒ වචනම හරි, නැත්නම් ඊට වඩා wrong or filthy දෙයක් කිව්වත් ඒක appraise කරනවා. 
කතාවට ආයෙත් එන්න ඕන.
ඉතින් මේ චුල්ලවට්ටි කියන ඩෑල් එක පාරෙ පස් වැඩ භාරව ඉන්න කාලෙ Drawing එකේ LHS පුරවන්න තියනකොට RHS පුරවනවා.  RHS පුරවන්න තියන තැන්වල LHS පුරවනවා. Staff එකත් එක්ක වලි දාගන්නවා. ඉතින් මේ කේස් නිසා බැරිම තැන සයිට් එකේ PM මූව Office එකේ වැඩවලට අනුයුක්ත කළා.
කෙනෙක් ගෙ අඩු පාඩු ගැන කියන එක මිනිස් ගතිය නෙමෙයි. ඒ මොකද මිනිස්සු කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ, අපෙත් අඩු පාඩු ඕන තරම් තියනවා. ඒත් මේ වගෙ සක්කිලි, පාහරයො ගැන ඇත්ත එළි කරන එක සමාජයට කරන යහපතක්.
මම සයිට් එකට ආව මුල් දවස් ටිකේ හිටියෙ (ඉන්න වුණේ) මේ චුල්ලවට්ටි කියන සක්කිලියත් එක්ක. මම එතන කලේ QS related ජොබ් එකක්. සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන දන්න උන් දන්නවා, QS related ජොබ් එකක තියෙන්නෙ Measureents සම්බන්ධ දේවල් කියලා.
ඉතින් මේ චුල්ලෙයා කළේ කාර්‍යාල වෙලාවෙම මං කරන දේවල් හෑල්ලුවට ලක් කර කර මට හිනා වෙන එක. සයිට් එකේ Costingර්‍ කියලා මෙලෝ වැඩක් නොකරපු මේකා මාසෙකට සැරයක් යවන්න තිබුනු Site Cost Report එකට intentionally කළේම කලින් මාසවල values වෙනස් කර කර දාන එක.  තමන් උපයන වේතනයට වැඩක් නොකර පින් පඩි අරගෙන අනිත් උන්ගෙ වැඩවල වංගු හොයන මේ වගේ පාහර බල්ලන්ව අපි කවුරුත් කොන් කරන්න ඕන.
සයිට් එකට Training ඇවිත් හිටිය NCT, Tech, Diploma අනේකවිධ කොලු ගැටයන් ඉස්සරහ මෙහෙම මාව පාච්චල් කරපු මේ හිඟන ඉ'න්ජිනේරුවාව මම අන්තිමේ සත පහකට ගනන් නොගෙන මග හැරියා. ඒකෙන් වුණේ මූ මගෙත් එක්ක වෛර බැඳ ගන්න එක. එයින් නොනැවතුණු මේ සක්කිලියා Office එකේ වැඩ කරන ගමන් මගෙ පරිගණකය OFF කරන්නත්, මම හවස්වැඩ ඉවර වෙලා ගෙදර යනකොට මගෙ රූම් එකට C‍yclone ගහන්නත් වුණා. Office එකේ Office Boys ලා ඉදිරිපිටදීත්, ගෙදර Cooks ලා ඉදිරිපිටදීත් මාව අවඥාවට ලක් කරමින් මාව කොන් කළා. දුටු දුටු තැනදී මට තර්ජනය කරමින් තමා පොරයැයි කීවා.
මේ හැම දේකම ප්‍රතිඵලය වුණේ මම Maga එකෙන් අස් වෙලා යන්න තීරණය කිරීම. අලුතෙන්  ජොබ් එකක් හොයා ගෙනත් නැතිව, අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක්, ඉලක්කයක් නැතිව අන්තිමට මම මගේ වෘත්තීය ජීවිතේ පළමු ආයතනයෙන් අයින් වෙලා ගියා. ඒ නිසා මට අන්තිමට මස 6 ක් විතර ගෙදරට වෙලා ඉන්න වුණා.
මම තෙරුවන් නමදින්කොට කරන එක ප්‍රාර්ථනාවක් තම්යි මේ වගේ මිනිස්කමට නිගා දෙන පාහර බල්ලන්ව මතු උපදින ආත්මයකවත් මට මුණ නොගැසේවා කියන එක.

පසුවදන:
චුල්ලවට්ටි කියන්නෙ ඇත්තටම ජුන්නන් වාත කරන කාලෙ ඉඳලම වෘත්තීය මිනිසෙක් කියන්නෙ කවුද, සමාජයේ උප සංස්කෘතීන්වල හරය මොකක්ද, ස්ථානානුකූලව හා අවස්ථානුකූලව හැසිරෙන්නෙ කොහොමද කියලා නොදන්න වනචරයෙක්. මම එක උදාහරණයක් කියන්නම්. වාත කාලෙ අපිට කියලා තිබුනෙ (ඇත්තෙනම ඒක උප සංස්කෘතියෙම ලක්ෂණයක්) ජුන්නන්ට කතාකරනකොට කැ"£යා, හු&*තා, ප#$යා හෝ ඒ සමාන ආමන්ත්‍රණයන්. එහෙම නැතිව වේ@#ගෙ පුතා හෝ හු&*තිගෙ පුතා කියලා කීම නොකළ යුත්තක් කියලා. ඒත් මේ උඩින් විස්තර කරපු තිරිසනා ජුන්නන්ට හු&*තිගෙ පුතා කියලා අමතනවා ඒ දවස්වල මට ඇහිලා තියනවා.

ඉතින් හාමතයො, උඹ  කොහොම කිව්වත් මේ වගේ තිරිසන්, ගුණමකු, පාහර බල්ලන් එක්ක එකට ගෙට්ටුවල වාඩිවෙලා ඉන්න මට පුළුවන්ද..?


Maga එකත් එපා වෙලා, ලංකාවත් එපා වෙලා විදේශ ගත වුන මට තවත් 02 නොම්මර එකේ කුහකයෙක් ඇරපු ඇරිල්ල ඊලඟ POST එකෙන් කියන්නම්.

වාසිටි කතා-3

වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...