* පරාලයා
කතා අන්තර්ගත රසය කුළු ගැන්වීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා මෙය කියවීමෙන් වළක්වන්න. ලැජ්ජා භයැතියන් මෙය නොකියවා වහා ඉවත්ව යන්න.
පහුගිය POSTS කියවලා මට අදහස් දුන්නු හැමෝටම බොහොමත්ම ස්තූති.
ඔයාලගෙ දිරි ගැන්වීම් මගෙ ලියුම්වලට ලොකු හයියක්.
ඒවගෙන් මම තේරුම් ගත්ත දෙයක් තියනවා.
ඒ තමයි ලොකු ලොකු සහතික නැති, නම අගට අකුරු දෙක තුනේ උපාධි කෑලි නැති, ගමේ පිටිසර උන් තමයි ගොඩක් අවංක. කුහකකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැති උන්ගෙ හිත් ඇත්තටම ලස්සනයි.
අදත් පැහැදිලිකිරීම් වලට ගිහින් කතාව ගොඩක් දික් වේවිද දන්නෙ නෑ.
මට මේ වෙලාවෙ මහවැලි දකුණු ඉවුරෙ ඉගෙන ගත්ත සොහොයුරියක් කිව්ව දෙයක් මතක් වෙනවා. (අපි හිටියෙ වම් ඉවුරෙනෙ )
ඒ තමයි, ජීවිතේ සිද්ධ වෙන්නෙ අපි හිතන දේ නෙමෙයි, වෙන්න තියන දේ. මම අත්දැකීමෙන් ඒක දන්නවා.
ඉතින් කතාව පටන්ගමු.
ආයෙත් වතාවක් කියනවා. මේ හැම POST එකකම තියෙන්නෙ මගෙ ජීවිතේ හැබෑවටම වුණ දේවල්. මේවගෙ කිව්ව දේවල්, කියන දේවල් ඇත්ත කියලා මේ විස්තර කරන උන්ගෙ හෘද ශාක්ෂිය දන්නවා.
මේ කතාවෙ කලින් කොටස් කියෙව්වෙ නැති අය ගිහින් ඒව කියවලා එන්න. ඒ මොකෑ කියනවනම් මේ කතා එකිනෙකට සම්බන්ධයි.
පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
කලින් කතාවෙන් විස්තර කරපු මිනිස්කමට නිගා දෙන තිරිසන් චරිතය නිසා මම MAGA එකෙන් අයින් වෙලා ගියා. කිසිම ඉලක්කයක් හෝ, අලුත් අවස්ථාවක් සොය නොගෙන එක පාරටම ගෙදර නැවතුන මට රැකියාවක් නැතිව මාස ගානක් ගෙදර ඉන්න වුණා.
මාස කීපයකට පස්සෙ මට මහවැලියෙ රස්සාවක් හොයා ගන්න පුළුවන් වුණා. OFFICE එක තිබුනෙ දෙහිඅත්තකණ්ඩියෙ. ඒක තමයි මගෙ ජීවිතේ මේ වෙනකන් හම්බ වුණ හොඳම ජොබ් එක. ලොකුම දේ E02 උන් හිටිය නැති එක. යන යන තැන්වල E02 උන් ගෙ ගේම්වලට අහු වුණ මට ඒක ලොකු අස්වැසිල්ලක් වුණා.
දෙහිඅත්තකණ්ඩිය කියන්නෙ ගොඩක් අහිංසක, ගොවිතැන් කරන මිනිස්සු ජීවත් වුණ පෙදෙසක්. දුප්පත්, අහිංසක ඒ මිනිස්සු ළඟ තිබුණෙ අව්‍යාජ හැඟීම්.
මේ කතාවෙ අරමුණ දේහිඅත්තකණ්ඩියෙ ගෙවුණු දවස් ගැන කියන එක නමෙයි. ඒ ගැන මම වෙන දවසක විස්තර කරනවා.
මේ දවස්වල , ඊටත් කලින් දවස්වල ඉඳලාම මගෙ හිතේ තිබුණ දෙයක් තමයි ජොබ් එකට රට ගිහින් කීයක් හරි වැඩි පුර හොයා ගන්න එක. දන්න හැම එකාටම කියල තිබුණෙ මොකක් හරි තියනවනම් කියපන් කියලා.
මේ විස්තර කරන පරාලයා ඒ දවස්වල වැඩ කළේ කොළඹ. පරක්කුවා බෑ කියලා තිබුණ SAUDI ජොබ් එකකට පරාලයා මට එන්න කිව්වා ඌත් එක්ක යන්න. මම මේක අවස්ථාවක් කර ගන්නවා පරාලයට ස්තූති කරන්න මට ඒක සෙට් කරපු එකට. හැබයි මම පස්සෙ දැන ගත්තා පරක්කුවා සහ තවත් කීප දෙනෙක්ම SAUDI යන්න බෑ කිව්ව නිසා මූ මට මේක සෙට් කළා කියලා. කමක් නෑ, කොහොමින් කොහොමහරි මට ඒක සෙට් කරපු පරාලයට ස්තූති පුදන්න මම පැකිළෙන්නෙ නෑ.
දිනය: 2009 මාර්තු මාසයේ දවසක්
ස්ථානය: දෙහිඅත්තකණ්ඩිය මහවැලි කාර්යාලය
දිනය
මගේ ජංගම දුරකථනය නාද වෙයි. එහා කොනේ පරක්කුවා. "සිරිය, හෙට SAUDI යන වැඩේට Agency එකට යන්න ඕන. උඹ උදේ 9 වෙද්දි වරෙන් අහවල් තැනට."
දෙහිඅත්තකන්ඩියෙ ඉඳලා කොළඹට බස් එකෙන් යනවානම් පැය 7 ක් විතර යනවා අඩුම. රෑ 11.30 න් පස්සෙ ඊළඟට තියන පාන්දර 2 බස් එකෙන් මම කොළඹ එන්න පිටත් වුණා. ඒක ගොඩක් වෙහෙසකර ගමනක්. කොහොමහරි උදේ 8.30 වෙද්දි බස් එක කොළඹට km කීපයක් මෙහායින්. මගේ ජංගම දුරකථනය නාද වෙනවා.
"පරාලයා, මම තාම එන ගමන්, අහවල් තැන."
"මොන හුත්තක්ද යකෝ, උඹ යන්නෙ නැද්ද. සිරාවටම කියපන්කො." පරාලයගෙ වචන පිට වුණේ වෙඩි පාරවල් වගේ. පාන්දර 2 ඉඳන් බස් එකේ එන මට මේකලොකු ටෝක්ස් දුන්නා.
වැඩ ඔක්කොම හරි ගිහින් අන්තිමේදි අපි SAUDI යන්න සෙට් වුණා. අපි SAUDI ගිය දවස ඓතිහාසික දවසක්. ඒ මොකෑ කියනවනම්, ප්රභාකරන් මැරුව 2009 මැයි මාසෙ 19 දවසෙ තමයි අපි පිටත් වුණේ.
SAUDI ගිය පසු, පරාලයගෙන් ද Typical E02 ගති මතුව ආවේය. ලංකාවෙන් ගිහින් SAUDI වැඩ කරන කම්කරු, Supervisor මෙකී නොකී දහසක් මිනිසුන් මැද මා "සිරියා" වුණ අතර, හෙතෙම "ලක්මාල්" වූයේය.
අපිත් එක ගිය අනිත් එකා NDT එකෙක්. ඉතින් මේක ඉස්සරහදිත් මේ පරාලයා මාව නිතර දෙවේලේ හාස්‍යයට ලක් කළා. මම වැඩ කළේ දෙහිඅත්ත්කණ්ඩියෙ කියන එක මූට සිනහවට කාරණාවක් වුණා. මගේ සීමිත පරිගණක දැනුම අවඥාවට ලක් කරලා මූ අර NDT එකා එක්ක හිනා වුණා.
මම OFFICE එකෙන් එලියට ගියත් මූට කියලා යන්න ඕන වුණා. ඇත්තටම ඇයි එහෙම කියන්න ඕන.? මූ මගෙ බොසා ද.?
"යාසින්" තමයි ඒ දවස්වල අපිව OFFICE එකෙන් ගෙදරටත්, ගෙදරින් OFFICE එකටත් උදේ හවස එක්ක යන DRIVERර්. යාසින් Indian කාරයෙක්. එක දවසක් උදේ විනාඩි දෙකක් පරක්කු වුණ මම දාල යාසින්, ලක්මාල් සහ අර අනිත් බුවා ගිහින් තිබුණා. තමන්ගේ මව් රටින් සැතපුම් ගානක් එහාට ගිහින්, තමන්ගෙ කියලා කාත් කවුරුත් නැතිව වැඩ කරනකොට, තමන් එක්ක කැම්පස් එකේ හිටිය එකාටත් පොරත්වය දාගෙන හිටිය තවත් එක කැච් බැරියෙක් සිරිබිරිස් ට අරින්න ගත්තෙ ඔය විදියට.
මූ ඇත්තටම ලන්කාවෙකමට වත් සලකනවනම් කරන්න ඕන මොකක්ද.? අර Indian Driver ට විනාඩි දෙකක් මම එනකන් ඉන්න කියලා කියන එක. ඒත් ඒ වෙනුවට පහුවදා මේ E02 පරාලයා මොකද කළේ. ? මූ අර යාසින් එක්ක සෙට් වෙලා මගෙ වැරදි කියලා මට ටෝක්ස් දෙන්න ගත්තා.
ඒ කියන්නෙ මේ පාහරයට බැචාට වඩා අන්තිමට ලොකු වුණේ Indian කාරයව.
මේ ලිව්වෙ මේ පරයා කිව්ව වැඩ දෙක තුනක් විතරයි. මුගෙයි, මම අර කලින් කතාවල කිව්ව උන්ගෙයි මමනම් කිසිම වෙනසක් දකින්නෙ නෑ. මුන් ඔක්කොම කුහකයෝ. මුන් හිතන් ඉන්නෙ මුන් කියන ඕන දෙයක් සිරිබිරිස් අහගෙන ඉන්න ඕන, මුන් කරන ඕන දේකට සිරිබිරිස් එකඟ වෙන්න ඕන කියලා. ඒ මොකෑ කියනවනම් සිරිබිරිස් නැතිව වෙන එකෙක්නම් ඔතන හිටියෙ මූ ඔය විදියට කරනවද.
(මතු සම්බන්ධයි )
ඉතින් හාමතයො, උඹ හිතනවද ඔය ගෙට්ටුවට එන අනික් උන් සිරිබිරිස් ට ඔහොම කරන් නැතිවෙයි කියලා.