සැලකිය යුතුයි.
කතා අන්තර්ගතය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍ය වචන යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා හෝ අනෙක් විළි බිය හඳුනන්නන්ගේ අවධානය මෙයට යොමු නොකරවන්න.
හැඳින්වීම
කැම්පස් එකේ ගෙවුනු දවස් හරියට හීනයක් වගෙයි. ඇත්තටම ඒ වගේ කාලයක්.
ඒ කාලෙ හැමෝටම හීන තිබුණා. පාට, පාට, එක එක දිග, එක එක පළලින් මැන්න හීන. ආර්ථික, සාමාජීය, පුද්ගලික, ගෝත්‍රවාදී හීන. ආදරය, මානය, ඊර්ෂ්‍යාව, කරුණාව, මෛත්‍රිය වගේ මිනිස් ගුණාංග එක්ක කළවම් වෙච්ච බැබළීම, කැපී පෙනීම, පොර වීම, එක දමා ගැනීමේ හීන.
ඉතින් මේ කැම්පස් සමාජයෙ එක එක විදියෙ ජීවියො හිටියා. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි නෙ. මොන පරිසරයක වුනත් එහෙම තමයි.
මේක අපූරුවට විස්තර කරන සරසවි සාහිත්‍ය කෑල්ලක් මට මතක් වෙනවා.
පාහක පරිනක පයිනක ගන්නේ,
පනිස් මිකෙන් කළඳක් අරගන්නේ,
කෑළක වෙරියෙන් එය සිඳ ගන්නේ,
මෙහෙමයි සරසවි කල්කෙ හදන්නේ.
මේක මගෙ කථාවට අදාල දෙයක් නොවුනත්, පොඩ්ඩක් ඒ ගැන කියන්නෙ මේකට පොඩි ප්‍රස්ථාවනාවක් හදා ගන්න.
සිරිබිරිස් කියන්නෙ කැම්පස් එකේ ශේප් ඩයල් එකක්. දැන් මෙතන කවුරුහරි රෙද්ද උස්සගෙන ඇවිත් "අනේ පල යකෝ යන්න, තෝ කොහෙද ශේප් ඩයල් එක. තෝ පට්ට කැරියනෙ,අරක නෙ, මෙකනෙ" කියලා කියාවි. ඒත් සිරිබිරිස් ගෙ හෘද ශාක්ෂිය කියන්නෙ එහෙම.
ඉතින් මේ ශේප් න්‍යාය හින්දා, කැම්පස් එකේ අනන්තවත් ඇති වුණ වාද, විවාද, උණුසුම් වචන හුවමාරු, බැන ගැනීම්, අපහාස කිරීම් ඇති වුණ වෙලාවල්වල සිරිබිරිස් කවදාවත් තව කෙනෙක් එක්ක ලොකුවට තර්ක කරන්න, වාද කරන්න ගියෙ නෑ. සද්ද නැතිව පැත්තකට වෙලා බහුතර මතයට හිස නැමුවා. ආපහු ජීවිතේ දිහා හැරිල බලද්දි සිරිබිරිස් ට හිතෙනවා එහෙම හිටිය එක ඇත්තටම වැරදි දෙයක්, ලොකු අඩු පාඩුවක් කියලා. මොකද, ඒකෙන් සිරිබිර්ස් ට ගොඩක් දේවල් මිස් වුනා වගෙම, සමහර දේවල් වලට එකඟ වෙන්න වුණේ කිසිම කැමැත්තකින් තොරව.
දැන් මම මාතෘකාවට බහින්න ඕන.
ඉතින් සිරිබිරිස් ගෙ මේ විදිය හින්දා කැම්පස් අවුට් වුණාට පස්සෙත්, ජොබ් කරන කාලෙත් ඔය 02 සමහර උන් හිතුවෙ උන් කියන කියන දේවල් අහගෙන, උන් කරන ඕන දේකට ඔලුව නමාගෙන, කිසිම තර්කයක නැතිව සිරිබිරිස් ඉඳීවි කියලා.
කැම්පස් ජීවිතෙයි, ඊට පස්සෙ පටන් ගන්න වෘත්තීමය ජීවිතෙයි ගොඩක් වෙනස් කියලා තේරුම් ගන්න මුන්ට නිදහස් සිතුවිලි තිබුණෙ නැතිව ඇති.
කැම්පස් අවුට් වෙලා මම ජොබ් එක පටන් ගත්ත මාග ආයතනය මට එපා කරවපු, පස්සෙ කාලෙක විදේශ ගත ජීවිතෙ මට වහ කදුරු කරපු 02 බැචාලා කියා ගත්ත කුහකයො ගැන මම ලියන්නෙ ඒ නිසයි.
ඇත්තටම මුන් හිතන් ඉන්නෙ (සමහරවිට තාමත් එහෙම වෙන්නැති ) ආත්ම ගරුත්වය, වෘත්තීය අභිමානය තියෙන්න ඕන මුන්ට විතරයි කියලා.
තමන්ගෙ සොහොයුරා, සොයුරිය,සැමියා හෝ බිරිඳ, එහෙමත් නැත්නම් අම්ම, තාත්ත තමන්ගෙම කෙනෙක් අවමානයට පත්වෙනකොට කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්න තරම් මේ සක්කිලින් ට නිහතමානීකමක් හෝ, අව්‍යාජකමක් කොහෙත්ම තිබුණෙ නෑ.
මගේ අවාසනාවට හෝ නොලැබීමට හෝ මගෙ ජොබ් එකේ මුල්ම අවුරුදු කීපය ගෙවන්න මේ වගෙ කුහකයො- සක්කිලියො- කැරියො එක්ක. ඒක සමහරවිට මගෙ ලැබීම වෙන්නැති.
කොහොම වුණත්, මේ වගේ පරයො ගැන අනිත් අය දැනුවත් කරන එක මම හිතනවා සමාජයට කරන ලොකු සේවයක් කියලා.
ඒ නිසාම තමයි මම මේ "බැචා" යන වචනයට අවමන් කරපු උන් ගැන ලියන්න හිතුවෙ.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි. (ඒවායේ අයිතිය මුල් කතෘ සතුය )

No comments:
Post a Comment