Saturday, June 30, 2018

ගුණමකුවෝ, පාවාදෙන්නෝ සහ කුහකයෝ- 1

01-  හනුමා

සැලකිය යුතුයි.

කතා අන්තර්ගත රසය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ අඩංගු කර ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා මෙය කියවීම සඳහා යොමු නොකරවන්න. විළි බිය හඳුනන්නන් මෙය කියවීමෙන් වළකින්න.


එක පාර මේ POST එක කියවන්න එපා. මේක කියවන්න කලින් මේකෙ INTRODUCTION  එක මෙතනින් කියවලා එන්න.


මේ ලිස්ට් එක අංක එකෙන් පටන් ගෙන ඉස්සරහට යනකොට යමෙක් හිතන්න පුළුවන් 01 කිව්වෙ, මූ ඔය ලිස්ට් එකේ පට්ටම කැරියද කියලා.
මම මේ අංක 01, 02 දැම්මෙ මට මුණ ගැසුන පිළිවෙලට. මුන්ගෙන් පට්ටම කැරියා, අමුම අමු කුහකයා කව්ද කියලා අංක 01 තීරණය කිරීම මම මේක කියවන අයට බාර දෙනවා.

හරි, දැන් ඉතින් කතාව පටන් ගනිමු.

මුලින්ම කියන්න ඕන මේ ලියන හැම දෙයක්ම මගේ අතීතය හා සම්බන්ධ ඇත්තටම සැබෑ ජීවිතේ සිද්ධ වුණ දේවල්. මේවා ලියන්නේ කාටවත් පහර ගන්න නෙමෙයි. කියවලා තෙරුම් අරගෙන තමන්ගෙ දරුවන්ටවත් කුහකයන් නොවී සමාජය ට වැඩදායී පුරවැසියන් වීමට ඉගැන්වීම සඳහාමයි. ඒ නිසා මම හිතනවා මේක කියවන අය මන් කිව්ව දේවල් තෙරුම් ගනීවි කියලා.


නුවරින් උදේ 6.30 ට පිටත් වුන ලංගම බස් එක වීරවිල ට එනකොට හවස 3 විතර වුණා. ඒක එක්තරා විදියක අමුතු අත්දැකීමක්. බස් එකේ යන එක වෙහෙසකර වුණාට වේගයෙන් පිටිපස්සට යන කුඹුරු යායවල්, ගහ කොළ, වැව්, ඇළවල් දකිනකොට මහන්සිය ඉබේම මඟ හැරෙනවා.

මම මේ යන්නෙ මගේ මුල්ම ජොබ් එකේ සයිට් එකට. SITE OFFICE එක වගෙම අපේ නවාතැන තිබුණෙත් වීරවිල වැව සහ හමුදා කඳවුරට හැරෙන හංදිය මැද්දට වෙන්න.

මේ නවාතැන හා අවට පරිසරය, ඒ වගේම සයිට් එකේ මිනිස්සු ගැන විස්තර කරන්න ගියොත් කතාව ගොඩක් දික් වෙනවා.

මේ ලියන හැම වචනයක්ම අමූලික ඇත්ත. මේ සිද්ධියට සම්බන්ධ උන්ගෙ හෘද ශාක්ෂිය කියාවි ඒක.

හනුමයි, හඳයයි, මමයි සෙට් වුණේ එකම සයිට් එකේ, එකම නවාතැනේ, එකම කාමරයට. මුල් දවස් ටිකේ වැල්ලවායෙ ගෙදර ඉඳලා ආව ජිලාපෝල් පස්සෙ කාලෙක අපේ නවාතැනට ආවා.

මම කලින් INTRO එකේ පැහැදිලි කළා වගේ කැම්පස් එකේ සිරිබිරිස් හිටිය විදියට තව දුරටත්, හැමදාම ඉඳීවි කියලා මෙතන 02 උනුත් හිතුවා. වෙසෙසින්ම හනුමා. හනුමා මුල ඉඳලම හිටියෙ කෙරුමා වගෙයි. හැම වෙලේම හැදුවෙ මුදුනා වෙන්න. හනුමගෙ CLASS MATE සීනියර් ඉංජෙකුත් එතන හිටිය නිසා මුගෙ රස්නෙ තවත් වැඩි වුණා.

මට කට්ටිය කතා කලේ මගෙ නමින් සාලිය කියලා. ඒ නමත් වාසියට හරවගත්ත මේ කුහකයා යන යන තැන්වල මට කතා කළේ "ආ සාලයා" කියලා. නත්නම් "අඩෝ සිරියා" කියලා. මම මූට මුගේ නමින් සංජීව කියලා කියද්දිත් මූ පාවිච්චි කළේ අර නම්.
හිතන්න, වැඩබිමක කම්කරුවන්, සුප්පන්, TO කාරයන්, කෝකියන්, Draughtmen ඇතුළු උස් පහත් මිනිස් සමූහයක් ඉදිරිපිට මේ විදියට කථා කළාම ඇතිවන තත්වය. මම කලින් INTRO එකේ කිව්වෙ එකයි. මුන් හිතුවෙම සිරිබිරිස් ට මොනවා කිව්වත්, මොනවා කළත් ඒක අහගෙන හිස නමාගෙන ඉන්න ඕන. කියන හැඟීමෙන් තමයි මේ කුහකයා වැඩ කළේ.
අන්තිමට වැඩබිමේ සුප්පන් පවා මට සාලයා, සිරියා කියන්න ගත්තා. තමන් ට ආත්ම ගරුත්වයක් නැති, ආත්ම ගරුත්වය කියන එකේ තෙරුම දන්නෙ නැති 02 කුහක ගේම පටන් ගත්තෙ ඔය විදියට.

එක දවසක් මම දවල්ට කෑම ට ගියේ සයිට් එකෙන් ආව ගමන්මයි. කෑම මේසෙ ඔක්කොම පිරිලා. ඉඩ නෑ ඉඳගන්නවත්. සින්ක් එක ලඟට අත් සෝදන්න ගිය මම අතේ තිබුන ෆෝන් එක හනුමට දුන්නෙ "පොඩ්ඩක් මේක අල්ල ගනින් මම අත හෝද ගන්නකන්" කියලා. ෆෝන් එක තියන්න තැනක් නැති නිසාත්, බැචා නිසාත් එහෙම කිව්වේ. මේ සක්කිලියා ඔක්කොම ඉස්සර පිට ගත් කටටම කිව්වා "උඹෙ ෆෝන් එක මොකටද මම තියාගන්නෙ, උඹ තියාගනින් උඹට ඕන තැනක" කියලා.
අසරණ වුණ මට වාත කාලේ සින්නෙක් කිව්ව දෙයක් මතක් වුණා.
"තොපිට මෙහෙ අම්මලා, තාත්තලා නෑ. ලෙඩට දුකට හැම දේටම ඉන්නෙ බැචාල. ඒ නිසා තොපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්න ඕන".

මේ වගේ බැචත්වයට නිගා දෙන වැඩ කරපු හනුමා තවත් දවසක ඔෆිස් එකේ Draughtman කෙල්ලගෙ කොම්පියුටර් එකේ ඇසැබි වීඩියෝ දර්ශන දාපු ෆෝල්ඩර්ස් හදලා ඒක මගෙ නමින් සේව් කරළා.

ඉතින් හාමතයො, උඹම කියපන් මුන් එන ගෙට්ටුවකටවත් මට එන්න හිතේ ද,..?


***හඳයා, ජිලාපෝල් සහ දික්තලාගේ දුරකතන අංකය

මගේ ලැබීමට හෝ නොලැබීමට හෝ කැම්පස් එකෙන් කෙල්ලක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසා මම මේ දවස්වල හිටියෙ යාළුවෙන්න කෙල්ලක් හොය හොයා. ඉතින් මම මේ කතාව හඳයට ජිලාපෝල් ටත් කියලා තිබුණෙ. "මචං, හොඳ කෑල්ලක් සෙට් කරලා දියන්" කියලා.
ඔහොම ටික දවසකට පස්සෙ දවසක් හඳයා මගෙ ළඟට ආවා ජිලාපෝල් එක්ක. "සිරියා, කඩවත පැත්තෙ හැඩ කැල්ලක් ඉන්නවා. නම්බර් එක දෙන්නම්. උබෙ අතේ වැඩේ තියෙන්නෙ. කවි එහෙම ලියලා සෙට් කරගනින්" කියලා. 
අඬන්න හිටිය කෙනාගෙ ඇහැට අඟිල්ලෙන් ඇන්න වගේ මේකෙන් මම උද්දාමයට පත් වුනා. මැසේජස් යැව්වා. කවි යැව්වා. ටික දවසකින් හැරෙන තැපෑලෙන් මට ආරංචි ආවා. හඳයයි, ජිලාපෝල් මට දීල තියෙන්නෙ අපේ බැච් එකේ දික්තලාගෙ නම්බර් එක කියලා. මේ සිද්ධිය නිසා මේකට මුල් වුණ කාන්තාවගෙන් මට බැනුම් අහන්න සිද්ධ වුණා.

මේක කිව්වම කාටහරි හිතෙන්න පුළුවන් ඕක ඔච්චර ලොකු සීන් එකක්ද හුත්තො, ඔය වගෙ ඒව කැම්පස් කාලෙ කොච්චර වුනාද කියලා. මේකෙ බැරෑරුම්කම ඒක නෙමෙයි. ඒ වෙනකොට මේ කාන්තාව හිටියෙ විවාහ ගිවිසගෙන. 

කවුරුහරි තේරුම් කරලා දීපල්ලා මේ කාන්තාවට කියපල්ල ඇත්තටම වුණ දේ. කලින් කිව්ව වගේ මට ඕන වුණේ කාට වත් පහර ගන්න නෙමෙයි. 02 මුන්ගෙ සුදු පිරුවට ගලවලා මුන්ගෙ හෙළුව රටට පෙන්වන්න.


මතු සම්බන්ධයි.................

Friday, June 29, 2018

පාවාදීම කලාවක් නම් කෝප්පයා එහි පිකාසෝය

සැලකිය යුතුයි. 
කතා අන්තර්ගතය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍ය වචන යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා හෝ අනෙක් විළි බිය හඳුනන්නන්ගේ අවධානය මෙයට යොමු නොකරවන්න.

ඔය කෝප්පයා කියන ඩෑල් එක කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දෙ මගෙ රූම් එකේ හිටියා ඉබ්බත් එක්ක. අපරාදෙ කියන්න බෑ. ඉබ්බා හොඳ එකා.
කැම්පස් අවුට් වෙලා මෑතක් වෙනකන්ම සබඳකම් තිබුනත් මම කෝප්පයව දුරින් දුරු කරන්න හිතුවෙ මූ මගෙ සහෝදරයටත් ගේමක් දුන්න නිසා.

අරුණාචලම් එකේ තුන් වෙනි අවුරුද්දෙ ඉන්න කාලෙ තමයි මම මේ පාහරයගෙ පාවදීම් හොඳට දැක්කෙ. අරුණාචලම් එකේ රූම් එක පිටිපස්සෙ පොඩි බැල්කනි කෑල්ලක් තියනවා. මේක මුහුන දීල තියෙන්නෙ FINE ARTS එක පැත්තට. මේ බැල්කනි එකෙන් පහලට දවසක් මම වතුර එකක් වීසි කළා. එහෙම කළේ සින්ක් එකට ටිකක් දුර නිසා. කාමරේ අයිනට වෙන්න සින්ක් එකක් තිබුණත් කෝප්පයා ඒක අරක් ගෙන හිටියෙ. ඉබ්බටවත්, මටවත් ඒක පාවිච්චි කරන්න දුන්නෙ නෑ.
පහළ වැළක වනලා තිබුන රෙදි වගයකට මම දැම්ම වතුර ටිකක් වැටිලා. මම මෙහෙම කේස් එකක් දන්නෙ නෑ. ඒ අරුණාචලම් ගිය අලුත. ඉතින් පහළ හිටිය උන් කීප දෙනෙක් කාමරේට ඇවිත් කව්ද වතුර දැම්මෙ කියලා අහනවා. වෙන එකෙක්ට නම් තමන්ගෙ බැචාව, රූමව විශ්වාසයි. එහෙම කළත් පාවල දෙන්නෙ නෑ. ඒත් මේ පාහරය ගත් කටටම මාව පෙන්නලා කියපි "මෙන්න මෙයා තමයි" කියලා. මට පොළොව පලාගෙන යන්න හිතුනා.

මේ සුනඛයගෙ පාවදීම් එතනින් නැවතුනෙ නෑ. ඔය කිව්වෙ කැම්පස් කාලෙ මට මතක් වුණ එකක් විතරයි. තව ඔහොම අනන්තවත් වුණා.

කැම්පස් OUT වෙලා මුල්ම ජොබ් එක කෝප්පයට හම්බ වුණේ දෙනියාය පැත්තෙ පාලමක් හදන තැනක. නිවාඩු දවසක මට එහෙ එන්න කියලා මම ගියා.
සයිට් එක ඉස්සරහ තියන කඩෙන් තමයි කෝප්පයා තමන්ගෙ අඩුම කුඩුම ටික ගත්තෙ. කඩේ හිටිය කෙල්ල ටිකක් ලස්සනයි. "සිරියා, ඔය ඉස්සරහ කඩේ කෑල්ලනම් හොඳයි. කොහොමහරි ට්‍රයි එකක් දීපන්. අපෙ සයිට් එකෙ SK කොල්ලත් ඕක ට ට්‍රයි." මෙහෙම කිව්වම මට හිතුණා කෝප්පය එක්කම කඩේ පැත්තෙ ගිහින් බලන්න. කඩේට ගිහින් අනම් මනම් බඩු ටිකක් ගන්නකොට අර SK බුවත් ආවා. පස්සෙ ගෙදර ඇවිත් අර Sඛ් කොළුවත් එක්ක කතා කර කර ඉන්න ගමන් මේ වේස බල්ල කිව්වනෙ "මල්ලි, මෙයත් අර කෙල්ලට ලව්, අඩ කඩේ ගියෙත් ඒකට" කියලා. මට දෙනියායෙ ආව මෝඩකම කියලා හිතුණා.


මේ වසලයගෙ හොඳ හොඳ කෙරුම් තව ගොඩක් තියනවා. ඒව මම ඉස්සරහට ලියනවා.

අනේ මායා..!

ඉස්සර මම FACEBOOK එකේ කවි, නිසඳැස් ලිව්වා. දැන් වැඩිය FACECBOOK පාවිච්චියක් නැති නිසා FACEBOOK එකේ කවි දැමෙන්නෙ නෑ.
 කොහොමෙන් කොහොමෙන් හරි, ඒ ලිව්ව කාලෙ එක දවසක් මායාරත්න මගෙන් අහපි "සිරියො, උඹ කවි ලිය ලිය ඉන්නෙ, ජොබ් එකක් කරන් නැද්ද ?" කියලා.
අනේ මායාරත්න. මට උඹ ගැන දුකයි.මම ලියන්නෙ මට ඕන නිසා. මම කාගෙවත් ඔළුවට පිස්තෝල තියලා මගෙ ඒව කියවපන් කියලා නෑ. කියන්නෙත් නෑ.
උඹ වගේ එකෙක් තොටගමුවෙ ශ්‍රී රාහුල හාමුදුරුවො ඉන්න කාලෙ හිටියනම් ෂුවර් එකටම හාමුදුරුවන්ගෙන් අහනවා "හාමුදුරුවනේ ඔය සංදේශ ලිය ලිය ඉන්නෙ පන්සලෙ බණ භාවනා වැඩ කරන් නැද්ද කීයලා. එහෙනම් අපිට අද සිංහල සාහිත්‍යයේ වටිනාම සංදේශ කාව්‍ය වන සැළළිහිණි සංදේශය, ගිරා සංදේශය, ඒ වගේම බුද්ධ ගජ්ජය, සකස්කඩ (කියවන උන්ට: මේවා ගැන ඇහුවෙ අද නම් උඹ ලැජ්ජ වෙයන් සිංහලයෙක් විදියට ) කියවන්න වෙන්නෙ නෑ.
මාර්ටින් වික්‍රමසිංහගෙ කාලේ මූ හිටියනම් අද අපිට ගම් පෙරළිය, කළියුගය, යුගාන්තය වගේ නවකතා කියවන්න වෙන්නෙ නෑ. අර මෑතකදි සෙන්පති කමල් ගුණරත්න පොතක් ලිව්ව එකටත් මූ අහවි, "මහත්තයෝ, පොත් ලිය ලිය ඉන්නෙ, වැඩක් කරන් නැද්ද..?" කියලා.

ගුණමකුවෝ, පාවාදෙන්නෝ සහ කුහකයෝ- INTRO

සැලකිය යුතුයි. 

කතා අන්තර්ගතය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍ය වචන යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා හෝ අනෙක් විළි බිය හඳුනන්නන්ගේ අවධානය මෙයට යොමු නොකරවන්න.

හැඳින්වීම

කැම්පස් එකේ ගෙවුනු දවස් හරියට හීනයක් වගෙයි. ඇත්තටම ඒ වගේ කාලයක්.



 ඒ කාලෙ හැමෝටම හීන තිබුණා. පාට, පාට, එක එක දිග, එක එක පළලින් මැන්න හීන. ආර්ථික, සාමාජීය, පුද්ගලික, ගෝත්‍රවාදී හීන. ආදරය, මානය, ඊර්ෂ්‍යාව, කරුණාව, මෛත්‍රිය වගේ මිනිස් ගුණාංග එක්ක කළවම් වෙච්ච බැබළීම, කැපී පෙනීම, පොර වීම, එක දමා ගැනීමේ හීන.

ඉතින් මේ කැම්පස් සමාජයෙ එක එක විදියෙ ජීවියො හිටියා. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි නෙ. මොන පරිසරයක වුනත් එහෙම තමයි.
මේක අපූරුවට විස්තර කරන සරසවි සාහිත්‍ය කෑල්ලක් මට මතක් වෙනවා.

පාහක පරිනක පයිනක ගන්නේ,
පනිස් මිකෙන් කළඳක් අරගන්නේ,
කෑළක වෙරියෙන් එය සිඳ ගන්නේ,
මෙහෙමයි සරසවි කල්කෙ හදන්නේ.

මේක මගෙ කථාවට අදාල දෙයක් නොවුනත්, පොඩ්ඩක් ඒ ගැන කියන්නෙ මේකට පොඩි ප්‍රස්ථාවනාවක් හදා ගන්න.

සිරිබිරිස් කියන්නෙ කැම්පස් එකේ ශේප් ඩයල් එකක්. දැන් මෙතන කවුරුහරි රෙද්ද උස්සගෙන ඇවිත් "අනේ පල යකෝ යන්න, තෝ කොහෙද ශේප් ඩයල් එක. තෝ පට්ට කැරියනෙ,අරක නෙ, මෙකනෙ" කියලා කියාවි. ඒත් සිරිබිරිස් ගෙ හෘද ශාක්ෂිය කියන්නෙ එහෙම.

ඉතින් මේ ශේප් න්‍යාය හින්දා, කැම්පස් එකේ අනන්තවත් ඇති වුණ වාද, විවාද, උණුසුම් වචන හුවමාරු, බැන ගැනීම්, අපහාස කිරීම් ඇති වුණ වෙලාවල්වල සිරිබිරිස් කවදාවත් තව කෙනෙක් එක්ක ලොකුවට තර්ක කරන්න, වාද කරන්න ගියෙ නෑ. සද්ද නැතිව පැත්තකට වෙලා බහුතර මතයට හිස නැමුවා. ආපහු ජීවිතේ දිහා හැරිල බලද්දි සිරිබිරිස් ට හිතෙනවා එහෙම හිටිය එක ඇත්තටම වැරදි දෙයක්, ලොකු අඩු පාඩුවක් කියලා. මොකද, ඒකෙන් සිරිබිර්ස් ට ගොඩක් දේවල් මිස් වුනා වගෙම, සමහර දේවල් වලට එකඟ වෙන්න වුණේ කිසිම කැමැත්තකින් තොරව.



දැන් මම මාතෘකාවට බහින්න ඕන.
ඉතින් සිරිබිරිස් ගෙ මේ විදිය හින්දා කැම්පස් අවුට් වුණාට පස්සෙත්, ජොබ් කරන කාලෙත් ඔය 02 සමහර උන් හිතුවෙ උන් කියන කියන දේවල් අහගෙන, උන් කරන ඕන දේකට ඔලුව නමාගෙන, කිසිම තර්කයක නැතිව සිරිබිරිස් ඉඳීවි කියලා.
කැම්පස් ජීවිතෙයි, ඊට පස්සෙ පටන් ගන්න වෘත්තීමය ජීවිතෙයි ගොඩක් වෙනස් කියලා තේරුම් ගන්න මුන්ට නිදහස් සිතුවිලි තිබුණෙ නැතිව ඇති.
කැම්පස් අවුට් වෙලා මම ජොබ් එක පටන් ගත්ත මාග ආයතනය මට එපා කරවපු, පස්සෙ කාලෙක විදේශ ගත ජීවිතෙ මට වහ කදුරු කරපු 02 බැචාලා කියා ගත්ත කුහකයො ගැන මම ලියන්නෙ ඒ නිසයි.

ඇත්තටම මුන් හිතන් ඉන්නෙ (සමහරවිට තාමත් එහෙම වෙන්නැති ) ආත්ම ගරුත්වය, වෘත්තීය අභිමානය තියෙන්න ඕන මුන්ට විතරයි කියලා.


තමන්ගෙ සොහොයුරා, සොයුරිය,සැමියා හෝ බිරිඳ, එහෙමත් නැත්නම් අම්ම, තාත්ත තමන්ගෙම කෙනෙක් අවමානයට පත්වෙනකොට කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්න තරම් මේ සක්කිලින් ට නිහතමානීකමක් හෝ, අව්‍යාජකමක් කොහෙත්ම තිබුණෙ නෑ.


මගේ අවාසනාවට හෝ නොලැබීමට හෝ මගෙ ජොබ් එකේ මුල්ම අවුරුදු කීපය ගෙවන්න මේ වගෙ කුහකයො- සක්කිලියො- කැරියො එක්ක. ඒක සමහරවිට මගෙ ලැබීම වෙන්නැති.

කොහොම වුණත්, මේ වගේ පරයො ගැන අනිත් අය දැනුවත් කරන එක මම හිතනවා සමාජයට කරන ලොකු සේවයක් කියලා.


ඒ නිසාම තමයි මම මේ "බැචා" යන වචනයට අවමන් කරපු උන් ගැන ලියන්න හිතුවෙ.

ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි. (ඒවායේ අයිතිය මුල් කතෘ සතුය )

සංදේශය-1



සඳට තනිකම දැනෙන දාටයි පොකුරු තරු කැට ලඟට              දිව්වේ
සිහිල් හිරි පොද වැස්ස නැතිකොට නෙලුම් පෙති පිනි අහුරු      හෙව්වේ
අඳුරු මන්දාරමේ සැඟවුන හිරුයි දේදුනු ලකුනු                       මැව්වේ
හදේ සැඟවී දෙනෙත් අතරින් එබෙන කඳුලැලි කව්ද                 එව්වේ


රහස් කියනා නුඹේ හිත ළඟ දැවටිලා මල් පිපෙන                  සිහිනේ
අහස් කුස ඉම නොවන සෙනෙහස් සිහිල විඳිනට නොහිම්       දැහැනේ
දහස් ගව් දුර අඳුර දුරලා එලිය දෙන්නේ නුඹය                      පහනේ
සහස් සුවහස් හැඟුම් වෙලී එනු මැන සොඳුරු                       රැහැනේ

ආයුබෝවන්

කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක් තමයි එලියට දැම්මෙ.
මේ ලෝකෙ සමහර දේවල් අපිට කීයටවත් වෙනස් කරන්න බෑ. ඒත් එහෙම කියල උඩ බලාගෙන ඉන්නත් බෑනෙ. ඉතින් ලෑස්ති වෙන්න මගෙ ලියුම් කියවන්න.

වාසිටි කතා-3

වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...