Friday, June 29, 2018

සංදේශය-1



සඳට තනිකම දැනෙන දාටයි පොකුරු තරු කැට ලඟට              දිව්වේ
සිහිල් හිරි පොද වැස්ස නැතිකොට නෙලුම් පෙති පිනි අහුරු      හෙව්වේ
අඳුරු මන්දාරමේ සැඟවුන හිරුයි දේදුනු ලකුනු                       මැව්වේ
හදේ සැඟවී දෙනෙත් අතරින් එබෙන කඳුලැලි කව්ද                 එව්වේ


රහස් කියනා නුඹේ හිත ළඟ දැවටිලා මල් පිපෙන                  සිහිනේ
අහස් කුස ඉම නොවන සෙනෙහස් සිහිල විඳිනට නොහිම්       දැහැනේ
දහස් ගව් දුර අඳුර දුරලා එලිය දෙන්නේ නුඹය                      පහනේ
සහස් සුවහස් හැඟුම් වෙලී එනු මැන සොඳුරු                       රැහැනේ

No comments:

Post a Comment

වාසිටි කතා-3

වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...