Saturday, May 9, 2020

සංදේශය- 05

මන්දාරම් අඳුර මැදින් වැස්ස වෙලා වැටෙන්නෙ මං
නුඹේ හිතේ දාහය පිස සිහිල දෙවන්නයි,

හැන්දෑවේ කරුවළ බිඳ පුන් සඳ වී එමි අහසට
ඒ එන්නේ නුඹට දැනෙන තනිය මකන්නයි,

රළ පෙළ වී හනික ඇවිත් නුඹෙ වුවනත සිප ගමි මම
වෙරළ නුඹයි ළතැවෙන නුඹ සනහාලන්නයි,

වැස්සට, පුන් සඳට, රළ ට ළංවනු බැරි ඉම හිටියොත්
මගේ පැතුම ඒ නුඹෙ ළඟ සදා රැඳෙන්නයි.

No comments:

Post a Comment

වාසිටි කතා-3

වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...