Friday, May 8, 2020

නම නොකී පෙම

අක්බාර් බරාඳය කෙළවරට වෙලා,
හෝල් එකට යන්න බැරිව,
නා කපන වැස්සෙ බලන් හිටිය මම..

ඔක්කොම වැස්සට කලින් පැන ගත්තත්,
මම පහු වුණේ "ඉන්ට" ව හම්බු වෙන්න මෙටලජි ලැබ් එකට ගියපු හින්දා.

ආ මොකද වැස්සට අහු වුණාද.?
මගෙ ලඟ වැඩිපුර කුඩයක් තියනවා.
මේක අරන් ගිහින් හෙට උදේ එනකොට ගෙනත් දෙන්න,
මට හවස ලෙක්චර්ස් නෑ,

එතකොට ඔයා..?

මම වැස්ස පෑව්වම නාදන් යනවා.
පොඩි අසයින්මන්ට් ටිකක් තියනවා,
වැස්ස අඩු වෙනකන් ලයිබ්‍රි එකේ ඉඳන් ඒ ටික කරනවා.

ඔබේ ඒ දයාබර බවට පින්.

No comments:

Post a Comment

වාසිටි කතා-3

වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...